නවක සෞඛ්‍ය පත්වීම්ලාභීන්ට වසර 02ක් යනතුරු ස්ථාන මාරුවීම් ලබා නොදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
නවක පත්වීම්ලාභීන්ට ඇතැම් අවස්ථාවට ස්ථාන මාරුවීම් ලබාදෙන බවට ලැබුණු පැමිණිලි වලට අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදෙන ලදි.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වෘත්තීය සමිතිවල ගැටලු සාකච්ඡා කිරීම සඳහා පැවැති රැස්වීමක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදෙන ලදි.
පත්වීම් ලිපියේ සඳහන් වන පරිදි අනුමත කාල සීමාව පත්වීම ලැබෙන සේවා ස්ථානයේ රාජකාරි කළ යුතු බවත් සාධරණ හේතු මත පමණක් ස්ථාන මාරුවක් ලබාදිය යුතු බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසිය.
තව ද සෞඛ්‍ය කලමණාකරණ සහකාර නිලධාරී, තොරතුරු තාක්ෂණවේදී නිලධාරී පුරප්පාඩු සඳහා කඩිනමින් බදවා ගන්නා ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා අදාළ පිරිස්ට දැනුම් දෙන ලදි.
ගිලන් රථ රියදුරන්ට විදේශීය පුහුණුවක් ලබාදීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණි.
කෂිනි හපුආරච්චි