විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක වන සියලුම ආකාරයේ නවක වද ක්‍රියාකාරකම් නවතා දැමීම සඳහා බුද්ධි අංශවල සහයෝගය ලබාගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කටයුතු කර තිබේ.
ඒ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙන අතර, එම ඉල්ලීමට සහාය ලබාදීමට ආරක්ෂක ලේකම්වරයා කැමැත්ත පළකර ඇත.
මේ අනුව විශ්වවිද්‍යාල තුළ සිදුවන සියලුම ආකාරයේ නවක වද සිද්ධීන් පිළිබඳ බුද්ධි අංශ හරහා තොරතුරු ලබාගෙන, එමගින් හඳුනාගන්නා නවකවදය ක්‍රියාත්මක කරන පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
මෙම කටයුතු සඳහා සහාය ලබාදීමට සියලුම විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් තීරණය කර තිබෙන බවද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට භාරගත් පසු විශ්වවිද්‍යාල හැරගොස් සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත්කළ බවත්, අදාළ කමිටු වාර්තාව තමන් වෙත මේ වනවිට ලැබී තිබෙන බවත් ඔහු පවසා සිටියේය.
මෙම කමිටු වාර්තාවට අනුව විශාල පිරිසක් නවකවදය නිසා විශ්වවිද්‍යාලය හැරගොස් තිබෙන බවත්, මේ නිසා අදාළ තීරණය ලබන වසරට කල් නොදමා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවත් 'අද' කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේය.