නව රජයේ උත්සාහයෙන් ජනාධිපතිතුමාගේ මාර්ගෝපදේශකත්වයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ කර්මාන්ත හා සම්පත් කළමනාකරණය කර්මාන්ත 05ක් ඉදිකිරිමට නියමිතය.
ඒ සඳහා රු මිලියන 242.5 ක් වියදම් කිරිමට නියමිත බව කර්මන්ත හා කලමනාකරණ අමාත්‍යාංශයේ නැගෙනහිර පළාත් ප්‍රාදේශිය කළමනාකරු සුමේත්‍රා කෝරලගේ පැවසීය.
මඩකලපුව මහානගර සභා බල ප්රදේශයටඅයත් තිරායිමඩු කර්මාන්ත පුර ග්රාමයේඅක්කර 22ක කර්මාන්ත ඉදිකිරීමට නියමිතයි.
මෙම කර්මාන්ත පුරයට අද උදේ සංචාරය කළ අමාත්‍ය විමල් විරවංශ කර්මාන්ත ශාලා ආරම්භ කිරිම සම්බන්ධව ආයෝජකයින් නිලධාරින් සමඟ සාකච්ඡා කරන ලදි.
අමාත්‍යතුමා සමග හිටපූ අමාත්‍ය විනයාගමූර්ති මුරලීදරන් ඇතුළු දිස්ත්‍රික් මහලේකම් උසස් නිලධාරින් ද සහභාගි විය .
උළු වහල යකඩ කාඩ්බෝඩ් ඇතුලු විවිධ කර්මාන්තශාලා එහි ඉදිකිරීමට නියමිත බව අමාත්‍යාංශයේ දිස්ත්‍රික්ක සංවර්ධන නිලධාරි රාජෙන්ද්‍රන් චන්ද්‍ර මහතා පැවසීය. මෙම කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලා 05ක් ඉදිකරන බවට නැගෙනහිර පළාත් කළමනාකරු පැවසීය.