හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන මස 13 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (30) අධිකරණය නියෝග කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කළේ යැයි කියන චෝදනාව සම්බන්ධයෙන් මෙලෙස ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.