වේයන්ගොඩ, නයිවල විනෝද උද්‍යානයක මෙරි ගෝ රවුමක කොටසක් කැඩීයාමෙන් මවක් හා දියණියක් මිය යෑමේ සිදුවීමට එම විනෝද උද්‍යානයේ හිමිකරු, කළමණාකරු, යන්ත්‍ර ක්‍රියාකරු, කාර්මික නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිදීය පවසයි.
මෙහි හිමිකරු අද (05දා) අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු පිරිස ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අද අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.