ඊච්චන්කුලම් පොලිස් වසමේ කල්මඩුල ප්‍රදේශයේ පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්ථානයක පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් සිදුකළ කැණීමට ආධාර අනුබල දීමේ චෝදනා යටතේ පොලිස් ස්ථානාධිපතිවරයෙක් හා පොලිස් කොස්තාපල්වරයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් 17 දා සැකකරුවන් පස් දෙනෙක් මුලින්ම අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් වන්නේ ඊච්චන්කුලම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුභාෂ් කුමාර ආරියරත්න හා පොලිස් කොස්තාපල් විසුල් නිලන්ත විතාන යන අය මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.