නිදහසින් පසු වසරක් ඇතුළත මෙරට සිදුව ඇති වැඩිම වන අලි මරණ සංඛ්‍යාව 2019 වර්ෂය තුළදී සිදුවී ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තු සංඛ්‍යා ලේඛණවලින් අනාවරණ වී තිබේ.
වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තු සංඛ්‍යා ලේඛණවලින් අනාවරණය වන පරිදි 2019 වසරේ මෙරට වන අලි හා ඇත් මරණ 361 ක් සිදුව ඇති බවත්, වන අලීන් පහරදීමෙන් පුද්ගලයන් 118 කු ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තාවේ.
වෙඩිතැබීම්, සතුන් දඩයම් කිරීම සඳහා බදින තුවක්කු පත්තුවීම්, හක්ක පටස්වලට ගොඳුරුවීම්, විදුලිසැර වැදීම්, දුම්රියේ ගැටීම්, වස වර්ග ලබාදීම් වැනි විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් හා ස්වාභාවික ලෙස මියාම්වලින් මෙසේ වන අලි සහ ඇතුන් මරණයට පත්ව තිබේ.
ශාන් හුලංනුගේ