රටේ නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කිරීමට නව රජය කැපවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11දා) පැවසීය.
කොවිඩ්-19 පාලනය කර ගනිමින් රටක් ලෙස යම් ජයග්‍රහණයක් ලැබුවේ නම් ඒ අපේ රටේ පවතින විශිෂ්ට සෞඛ්‍ය සේවය නිසා යැයි ආඩම්බරයෙන් කියන බව ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
කොළඹ හෙද විදුහලේ හෙද සිසුන් 298 දෙනෙකු සේවයට කැපවීම හා හිස් වැසුම් පැළඳවීමේ උළෙල අරලියගහ මන්දිරයේ පැවති අවස්ථාව් ඔහු මේ බව පැවසීය.
“අපි දන්නවා මුළු ලෝකයම කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත්ව සිටිනවා. අප රටක් ලෙස කොවිඩ් 19 පාලනය කර ගනිමින් යම් ජයග්‍රහණයක් ලැබුවේ නම් ඒ අපේ රටේ පවතින විශිෂ්ට සෞඛ්‍ය සේවය නිසා බව ආඩම්බරයෙන් කියන්න කැමතියි.
ඔබට මතක ඇති අපි බලයට පත් වූ සෑම අවස්ථාවකම මේ රටේ සෞඛ්‍ය සේවය ඉහළ නැංවීමට කටයුතු කළා. වෛද්‍ය, හෙද කාර්යය මණ්ඩලවල ගුණාත්මක දියුණුව වගේම රෝහල් සහ පුහුණු පාසල්වල යටිතල පහසුකම් ගැනත් සොයා බැලුවා.
අලුතින් රෝහල් ඉදි කළ යුතු ප්‍රදේශවලට අලුතින් රෝහල් ඉදි කළා. නමුත් පසුගිය ආණ්ඩුව සමයේ මේ කාර්යය නියමිත පරිදි සිදු වුණේ නැහැ. ඒ නිසා සෞඛ්‍ය සේවය විවිධ අර්බුදවලට මුහුණ පෑවා. ඒ නිසා සිදු වුණේ රටේ මහජනතාව ඉන් පීඩාවට පත්වීමයි.
මේ හැමදේම ගැන හිතලා රටේ බහුතර ජනතාව එම දුෂ්කරතා ඉවත් කර ගැනීමට අපට ජනවරමක් දීලා තියෙනවා. ඒ ජනවරම නිවැරදි මාවතට ගෙන යාමට ඔබ සියලු දෙනාගේ කැපවීම අප රජයක් ලෙස බලාපොරොත්තු වෙනවා.
හෙද පුහුණුව උපාධිය දක්වා යන වැඩපිළිවෙළ මේ රජය යටතේ දැනටමත් අප සැළසුම් කර අවසන්. ඒ අනුව වසර තුනක ඩිප්ලෝමාව වසර හතරක උපාධියක් දක්වා උසස් කිරීමට අප රජය බලාපොරොත්තු වෙනවා. එසේම ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීම සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව විදෙස් රටවල පවා සේවය කිරීමට ඉඩ සලසන හෙද පුහුණු ක්‍රමවේදයක් අප සකස් කරනවා. ඔබටත් එහි කොටස්කරුවන් වීමේ භාග්‍ය උදා වෙනවා.”