තීති විරෝධී අයුරින් වෙනත් රටකට සංක්‍රමණය වීමට සිටි සැකකරුවන් 21ක් හා ඒම ජවාරම්කරුවන් 3 නෙක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකහා හා නාවික හමුදාව ඒකාබද්ධව කළ මෙහෙයුමකින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අද (14දා) දහවල් මුතුකණ්ඩිය ගම්මානයේ නිවසක සිටයදී නීතිවිරෝධීව සංක්‍රමණය වීමට සිටි පුද්ගලයන් 21ක් හා අතරමැදියෙක් අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.
මෙම ජවාරම මෙහෙයවූ බවට සැකකෙරෙන් ප්‍රධාන සැකකරුවන් දෙදෙනා තිස්සමහාරාම නවාතැන්පොළක සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒසේම වාහන දෙකක් හා රුපියල් 620000ක මුදලක්ද පොලිස් භාරයට ගෙන තිබේ.