සින්නපාඩුව වෙරළ තිරයේ කොන්දෙසි කඩකරමින් හැඹිලි දැල් රැකියාවේ (ලයිලා ) නිරත වු ධිවරයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් සන්තකයේ තිබු ධිවර යාත්‍රා දැල් හා මසුන් කිලෝ 2400ක පමණ ප්‍රමාණයක් නාවික හමුදාව හා පුත්තලම ධිවර අධ්යක්ෂ කාර්යාලය එක්ව සිදුකල මෙහෙයුමකදි ඊයේ (5) දින සවස අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ දළුව ප්‍රදේශයේ සිට හැඹිලි දැල් ධිවර රැකියාවේ නිරතවි කොන්දෙසි කඩ කල ධිවරයින් 11 දෙනෙකු බව පැවසේ. අදාළ කොන්දෙසි කඩ කල ධිවරයින් සමග හැඹිලි දැල් රැකියාවට යොදා ගත් ධිවර යාත්‍රා 4ක් ලක්ෂයක් පමණ වටිනා හැඹිලි දැල් දෙකක් මත්ස්‍ය කිලෝ 2400ක් පමණ මෙහිදි අත්අඩංගුවට ගෙන තිබුණි.
මොවුන් අත්අඩංගුවට ගැනිමට හේතුව වි තිබුණේ 1996 අංක 2 දරණ ධිවර හා ජලජ සම්පත් පනතේ බලපත්‍ර කොන්දෙසි කඩ කරමින් වෙරළේ සිට සැතපුම් 10කට අඩු දුරකින් මසුන් මැරිමේ යෙදි සිටිම සමග තවත් නීති ගණනාවක් කඩ කිරීම බව ධිවර නිලධාරින් පවසති.
මෙම වැටලිම පුත්තලම නාවික හමුදා කදවුරේ විශේෂ බළඝණයේ යාත්‍රා යොදා ගනිමින් සිදුකර තිබු බවත් මෙම වැටලිමට සිදුකල වැටලිමකදි ද බලපත්‍ර කොන්දෙසි කඩකල ධිවරයින් 13 දෙනෙකු සමග යාත්‍රා 7ක් අත්අඩංගුවට ගත් බව පුත්තලම ධිවර අධ්යක්ෂ කාර්යාලය පවසයි.
පුත්තලම - හිරාන් ප්‍රියංකර