අම්බලන්ගොඩ ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් හත්දෙනෙකු (07) නාවික හමුදා භාරයට ගෙන ඇත.
නීති විරෝධී ලෙස විදුලි පහන් ආලෝකය භාවිතා කර මසුන් අල්ලමින් සිටි යාත්රා හතරක් (04) නිරික්ෂණය කර ඇති අතර, පසුව එහි සිටි පුද්ගලයින් හත්දෙනෙකු (07) නාවික භාරයට ගෙන ඇත.
එම පුද්ගලයින් අම්බලන්ගොඩ ප්රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්රා 04 ක්, පිටත දහන යන්ත්ර 04 ක්, LED විදුලි බල්බ 04 ක් සහ බැටරි 13 නාවික හමුදා භාරයට ගෙන ඇත.
නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින්, ධීවර යාත්රා, පිටත දහන යන්ත්ර, විදුලි බල්බ සහ අනෙකුත් ධීවර ආම්පන්න සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි.