නඩුවක් අවසන් වන තෙක් හිටපු ඇමති ජොන්ස්ටන් රිමාන්ඩ්
වයඹ පළාත් සභා මැතිවරණයට සතොස මුදල් අවභාවිත කිරීමේ චෝදනා යටතේ හිටපු සමූපකාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රානාන්දු මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙක් එම නඩුව අවසන්වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුරුණෑගල මහාධිකරණ අද (3දා) නියෝග කළේය.
අදාළ නඩුව කුරුණාගල මහාධිකරණය හමුවේ අද විභාගයට ගත් අවස්ථාවේදී මේනකා විජේසුන්දර මෙනවිය මෙසේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
හිටපු අමාත්‍යවරයාට අමතරව හිටපු සතොස සභාපති නලීන් ප්‍රනාන්දු හා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙක් වන මොහොමඩ් සකීර් යන අය මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

ගීතාංජලී ප්‍රියදර්ශනී
popular news
-
rocky Monday, 03 September 2018 06:28 PM
අපොයි දෙය්යනේ, ජන බල ගෝදාවට යන්නේ කොහොමද? මේ වගේ ජාතික වීරයන්ට ඕන මගුලක් කර ගන්න ලයිසොන් දීම සුදුසුයි. ජාතියටම අරක්කු පෙවීමෙන් මොන තරම් යහපතක් කරනවද?
Reply : 1 1
Champa Tuesday, 04 September 2018 06:58 AM
මේ තීන්දුව හරිම අසාධාරණයි. ඒ මොකොද කිව්වා නම් තීන්දුව දෙනකොට කිව්වා නොනවත්වා නඩුව එක දිගට අහනව ඒ හින්ද නඩුව ඉවර වෙනකම් හිරේ දානව කියල. හැබැයි ඒක කියල ඊට මොහොතකට පස්සේ ඒ නඩුකාරයාම නඩුව කල් දානව. හරි නම් නඩුව කල් දාපු නිසා ජෝන්ස්ටන්ව නඩුව අහන කම් හිරේ දාන එක 11 වෙනිදට, ඒ කියන්නේ නඩුව ඊළඟට අහන දවසට කරන්න තියා ගන්න එපාය. එක්කෝ තීන්දුව වෙනස් කරන්න ඕනේ ඒ වෙලාවේ නැත්නම් කිව්වා වගේ නඩුව කල් නොදා අහන්න ඕනේ. ජෝන්ස්ටන්ව හිරේ දාල ඊට පස්සේ නඩුව කල් දාපු එක විත්තිකාරයාට කරපු ලොකු අසාධාරණයක්. නීතිය ඉදිරියේ අසමාන ලෙස සැලකීමක්. නඩුකාරයා විසින්ම තමන් දීපු තීන්දුව අගතිගාමී විදියට විත්තියට එරෙහිව පාවිච්චි කිරීමක්. අනිත් එක ඇත්තම කිව්වොත් දේශපාලන පලිගැනීම් වලට දාන නඩු ඕනේ තරම් කල් අදින්න පුළුවන්. ඒ හින්ද නඩුව අහල ඉවර වෙනකම් කියලා විත්තිකාරයාව හිරේ දාන එක වැරදියි. නඩුවට කල් ඉල්ලනවා නම් ඒ නඩුව වීසි කරන්න ඕනේ. ඊට පස්සේ පොලිසියට නියෝග කරන්න ඕනේ investigations ඔක්කොම කරලා ඉවර වුනාට පස්සේ නඩුව ආපහු දාන්න කියලා. අධිකරණය ස්වාධීන නම් මිනිස්සුන්ට යුක්තිය සහ සාධාරණත්වය ඉෂ්ඨ වෙන්න ඕනේ ඒ විදිහට.
Reply : 9 10
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
