නාවල නාගරික තෙත්බිම් උද්‍යානයේ පිළිසකර කටයුතු නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි සිදුකෙරෙමින් පවතී.
වසර ගණනාවකට පසුව මෙම පිළිසකර කිරීම් කටයුතු නිසි පරිදි සිදුකිරීම ගැන මෙම ස්ථානයට පැමිණෙන ජනතාව සිය ප්‍රසාදය පළ කරති.
වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් සිටියදී ඒ මහතාගේ සංකල්පයක් අනුව මෙම නාගරික තෙත්බිම් උද්‍යානය ඉදිකළ අතර එය 2014 ජනවාරි 13 වන දා විවෘත කළේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.
බස්නාහිර පළාතේ ගංවතුර බැසයාම ක්‍රමවත් කිරීමට සමගාමීව උද්‍යාන ද සැලසුම් කළ යුතු බවට සංකල්පයක් එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ක්රියාවටනංවන ලදී.
එහි ප්‍රතිඵලයක් වශයෙන් දියවන්නා ඔයේ සිට හීන් ඇළෙහි ජලය වැල්ලවත්ත හරහා මුහුදට ගෙන යන වැඩසටහන ක්‍රමවත් කිරීමට සමඟාමීව මෙම නාවල නාගරික තෙත් බිම් උද්‍යානය ඉදි කෙරිණි.
අක්කර 16ක විහිදි ඇති මෙම උද්‍යානය ඉදිකිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට වැයවුණු මුදල රුපියල් මිලියන 82කි.
ඇවිදීමේ මංතීරුවක්, දරුවන්ට ක්‍රීඩා කිරීමට උද්‍යානයක්, ව්‍යායාම් කිරීමේ ස්ථානයක් මෙම උද්‍යානයට ඇතුළත් වේ.
නුගේගොඩ, නාවල, පිටකෝට්ටේ ඇතුළු නගරාශ්‍රිත ප්‍රදේශ රැසක ජනතාව ඔවුන්ගේ දරුවන් සමඟ මෙම ස්ථානයට පැමිණ විවේකීව ගත කිරීමට දැඩි උන්නදුවක් දක්වති.
නමුත් පසුගිය වසර 4 1/2 තුළ මෙම නාගරික තෙත් බිම් උද්‍යානයේ නඩත්තු කටයුතු නිසි පරිදි සිදු නොවූ බවත් හීන් ඇළෙහි ජලය බැසයාම ගැන බලධාරීන් අවධානය යොමු නොකළ බවටත් ජනතාව චෝදනා නගයි.
විවිධ පිරිස් කසල එක් කිරීම නිසා මෙම හීන් ඇළ අපිරිසිදු වූ අතර එය පිරිසිදු කිරීමේ කටයුතු ද දැන් සිදුකෙරේ.
පසුගිය කාලය තුළ දී මෙම ස්ථානයට නිසි ආරක්ෂාව නොලැබුණු බවත් නිසි ආරක්ෂාවක් ලබා දීමට ක්‍රියාකරන ලෙසත් ජනතාව ඉල්ලීමක් කරයි.