දිවයිනේ නගර සියයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ආරම්භ කෙරෙනවා.
වසර ගණනාවක් තිස්සේ සංවර්ධනයට ලක් නොවූ තෝරා ගත් නගර සියයක් සංවර්ධනය කිරීමයි මේ යටතේ සිදු කෙරෙන්නේ.
නගරයකට රුපියල් මිලියන විස්ස බැගින් රුපියල් මිලියන දෙදහසක් වෙන් කර තිබෙන අතර රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ මෙහෙයවීමෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා.
මෙම ව්‍යාපෘතිය සදහා කුරුණෑගල සහ කොළඹ දිස්ත්‍රික් වල නගර හත බැගින් තෝරාගෙන තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ නගර දහයක්,කළුතර නගර හතරක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ නගර හයක් ඇතුළු නගර සියයක් තෝරාගෙන ඇති බවයි නාගරික සංවර්ධන අධිකාරිය සදහන් කරන්නේ.