ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු සීමාවේ ගිනි ගැනීමට ලක්වූ ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ගින්න පාලනය කිරීම සඳහා අද දිනයේදීද නාවික හමුදාව වියළි රසායනික ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1000ක ප්‍රමාණයක් ඉසීමට කටයුතු කළ බව ගුවන් හමුදාව නිවේදනය කරයි.
මේ සඳහා බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් යොදවා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටයුතු කළ අතර මෙවැනි වියළි රසායනික ද්‍රව්‍යක් ගින්නක් නිවීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව යොදාගත් පළමු අවස්ථාව වෙයි.
මේ අතර ගින්න පාලනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක 06 බලගණයට අයත් එම්.අයි. 17 වර්ගයේ ගුවන් යානයක් නෞකාවේ ගින්න අති ප්‍ර දේශ මටත් බබ්බි බකට් උපකරණය ආධාරයෙන් ජල කඳම්භ 40ක ප්‍රමාණයක් මුදා හරින ලදී. එහි සම්පූර්ණ ජල ධාරිතාවය ජලය ලීටර් 100000ක් පමණ වෙයි.
එසේම සැප්තැම් 03 දා සිට අද දිනය දක්වා ජලය ලීටර් 440000ක් පමණ ජල ධාරිතාවක් ගින්න නිවීම සඳහා ගුවනින් ගින්න මතට හමුදා හැර ඇති බව ගුවන් හමුදාව නිවේදනය කරයි.
අද පස්වරුව වන විට ගින්න පාලනය කිරීම සඳහා ඒ සඳහා කටයුතු කළ ශ්‍රී ලංකා හා ඉන්දීය ඒකාබද්ධ ආරක්ෂක අංශ සමත්විය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිරීක්ෂණ යානා මගින් මෙම නෞකාවේ ගිනි නිවීම් කටයුතු හා ඒවාගේ ප්රගතිතය තවදුරටත් නිරීක්ෂණය කරමින් පවතින බව ගුවන් හමුදාව වැඩිදුරටත් නිවේදනය කරයි.