ලෝක උරුම නකල්ස් රක්ෂිත භුමියේ වන ගහනය නොමැති හිස් භූමිවල නැවත පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එක්ව ක්‍රියාත්මක කරයි.
වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පුර්ණ අධික්ෂණය හා නිර්දේශ යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක බව දුම්බර මිතුරෝ පරිසර සංවිධානය පවසයි.
දැනටමත් නකල්ස් රක්ෂිත වනාන්තරය තුළ විවිධ හේතුන් මත විනාශවී මුඩු භූමි බවට පත්ව ඇති හිස් භූමි ප්‍රදේශ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව හදුනාගෙන ඇති බව දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ සභාපති නිමල් ආනන්ද කනහැරආරච්චි මහතා කියා සිටියේය.
පළමු අදියර යටතේ නකල්ස් රක්ෂිත භුමියේ පිටවල පතන ආසන්න භූමියේ හෙක්ටයාර් 07ක භූමි ප්‍රදේශයක පැළ සිටුවීම ආරම්භ වන බවත් එම පැළ සියල්ලම නකල්ස් වනභූමියට ගැළපෙන හා පහසුවෙන් රෝපණය කළ හැකි පැළ වර්ග මේ සඳහා තොරාගන්නා බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.