දිවයින වටා මුහුදු ප්‍රෙද්ශවල සුළඟේ වේගය පැයට කිලෝමිටර් 40-50ත් අතර වන බවත් පුත්තලම සිට කොළඹ හරහා බේරුවල දක්වා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය විටින් විට පැයට කිලෝම්ටර් 60ත් 65ත් දක්වා වැඩිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසයි.
බේරුවල සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය විටින් විට පැය කිලෝමිටර් 60ත් 70ත් දක්වා ඉහළ යා හැකියි.
පුත්තලම සිට කොළඹ හරහා බේරුවල දක්වා වන මුහුදු ප්‍රෙද්ශයේ රළු වන අතර බේරුවල සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රෙද්ශය විටින් විට ඉතා රළු විය හැකියි.
ධිවර හා නාවික කටයුතු වල යෙදෙන පිරිස් මේ පිලිබදව අවධානයෙන් කටයුතු කළ යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.