ධීවරයන්ගේ වෙස් ගනිමින් මත්ද්‍රව්‍ය ආනයනය, නීතිවිරෝධී ගණුදෙනු හා නීතිවිරෝධී විදෙස්ගත වීම අවම කරන ලෙස මෙරට ධීවරයින් කළ ඉල්ලීමකට අනුව ඉදිරියේ දී සියලුම ධීවර යාත්‍රා සඳහා GPS තාක්ෂණය හඳුන්වා දී නිරීක්ෂණය කිරීමටත් ධීවරයන් වෙනුවෙන් හැඳුනුම්පතක් නිකුත් කිරීමටත් අමාත්‍යංශය කටයුතු කරන බව කෘෂිකර්ම, හා ග්‍රාමීය කටයුතු අමාත්‍ය පි හැරිසන් මහතා පවසයි.
ඉදිරියේ දී ධීවර වරායෙන් පිටව යන ධීවරයන් ඇඟිලි සලකුණු යන්ත්‍රයන්හි සිය අනන්‍යතාවය තහවුරු කර දියඹට යා යුතුව ඇති බවත් හදිසි දැනුම්දීම්, කාලගුණික විපර්යාස පිළිබඳ දැනුවත් කිරීම් සඳහා ඔවුනට කෙටි පණිවුඩ ක්‍රමයක් ඉදිරි මාස දෙක තුළ ඇති කරන බවද පැවසීය.
මෙය 2019 අයවැය යෝජනාවට ද ඉදිරිපත් කර ඇති බව පැවසිය.
ග්‍රාමීය ධීවරයන් ශක්තිමත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය වෙත ධීවරයන්ට නිවාස ඉදිකිරීමේ දී ලබාදෙන ණය ආධාර සීමාව ඉහළ දැමීමට ද ධීවර යාත්‍රා උපකරණ සහනදායී ක්‍රමයකට ලබාදීමට ද තමන් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
කෂිනි හපුආරච්චි