දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂයේ සහය සජිත්ට
එලඹෙන ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ සහය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට අද (03) දිනයේදී රැස්වූ මධ්‍යම කාරක සභාව විසින් තීරණය කල බවට ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා සඳහන් කරයි.
දෙමළ ජාතික සන්ධානයේ විශාලතම හා ප්‍රධානතම පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයින් සියලු දෙනා අද දිනයේ වව්නියාවේ පෞද්ගලික හෝටලයකදී රැස්වී මෙම තීරණය ගෙන තිබෙන බව සඳහන්.
එහිදී අදහස් දක්වමින් එම්.ඒ සුමන්තිරන් මහතා කියා සිටියේ,
‘අපි අද රැස්වුනු මධ්‍යම කාරක සභාවේදී අවසන් තීරණය වශයෙන් ගත්තේ එලඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහතාට ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ සහය ලබා දීමට පියවර ගත්තා. ඒක අපේ පක්ෂයේ තීරණය නමුත් මේක සන්ධානයක් ඉතිරි තවත් පක්ෂ දෙකක අවසන් තීරණයක් තාම නැහැ. ඒ පක්ෂ වල නායකයින්ගේ අවසන් තීරණය ගැනීමට ඔවුන් සමග සාකච්ඡා කිරීමට අපේ සන්ධානයේ නායකතුමාට භාර දීල තියනවා හේතුත් සමග ඉදිරිපත් කරයි.
ඒ වගේම අපේ ඉල්ලීම් 13 වෙනම කටයුත්තක් ඒක ඉදිරිපත් වුනු අවස්ථාවේදීම සියලු අපෙක්ෂකයින් ඒ ඉල්ලීම් බලන්නවත් කැමති නැහැ කියලා කිව්වා. නමුත් ඒ ඉල්ලීමත් සමගම දෙමළ ජාතික සන්ධානයේ නායකයින් සියලු ජනාධිපති අපේක්ෂකයින් සමග සාකච්ඡා කරලා මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය දිහා බැලුවා පසුව ඒකේ පසුබිම ගැන අද සාකච්ඡා කරල තමයි අද මේ තීරණය ගත්තේ. යනුවෙන් සඳහන් කලේය.
වවුනියාව මධුෂංඛ අමරසිංහ





popular news
-
කපිල Sunday, 03 November 2019 11:56 PM
බලලා පැනපි මල්ලෙන් එලියට. මොලයක් තියෙන කෙනෙකුට තේරෙනවා දැන් මොකද වෙන්නේ කියල.
Reply : 0 67
ඔබේ චන්දයට සබැ වටිනා කමක් Monday, 04 November 2019 03:19 AM
අද රටට අවශ්‍ය වන්නේ ප්‍රතිපත්ති මත පදනම් වූ විකල්පයකි. මෙවර විකල්පය තෝරාගනිමු. පටු දේශපාලන මතවාද අතහරිමු. තව නැතිවන්නට දෙයක් නැත. මෙවර අනිවාර්යයෙන්ම 50% කිසිවකු නොගනී. එබැවින් මෙම ක්‍රමයට විරෝධය දැක්වීම උදෙසා හා රටට අත්‍යවශ්‍යම වූ විකල්පය සදහා පළමු මනාපය විකල්ප වෙනුවෙන් වෙන්කරමු. තවමත් හිත යටින් අන්ධව විස්වාස කරයි නම් ඔබගේ දෙවැනි මනාපය ඔබේ දැක්ම අනුව රටට විනාශය ගෙනවයි සිතන අපේක්ෂකයා පැරදවීමට පාවිච්චි කරන්න. (කිසිවකු මෙවර 50% නොගන්න බැවින් ඔබගේ වටිනා මනාපය අපතේ නොයා ඉහලම වටිනාකම ක් මෙමගින් ලැබේ.)
Reply : 52 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

