දැන් රනිල් 19 හිල් හොයනවා
එක්සත් ජාතික පෙරමුණ මුස්ලිම් කොංග්‍රසයේ වෙනමම තරග කළ ලබාගත් මන්ත්‍රීධූර 1 සමගින් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
මේ හරහා ඇමතිධූර සංඛ්‍යාව වැඩි කර ගැනීමට ඔවුන් කටයුතු කරන බවත් එය පාර්ලිමේන්තුවේදී පරාජය කරන බවත් ඔහු පැවැසීය. මහරගම ඊයේ (15දා) පැවැති ජනතා විමුක්ති පෙරමුණේ රැළියේදි ඔහු මේ බව පැවැසීය.
“රාජපක්ෂ කියන්නේ ප්‍රබන්ධයක්. රාජපක්ෂ කියන්නේ ඇත්තක් නෙමෙයි. මාධ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් රාජපක්ෂ ප්‍රබන්ධයේ විශාල කාර්යයක් ඉටුකළා.
මහින්දට ඉල්ලා අස්වෙන්න අගමැතිකමක් තිබුණේ නෑ. නොවැම්බර් 14 විශ්වාසභංගයේදී ඔහු පරාජය වුණා. දැන් ජාතික ආණ්ඩුව අවසන්. දැන් අමාත්‍යධූර සංඛ්‍යාව 48 සිට 30ට අඩු කරන්න ඕන.
අමාත්‍යධුර 48 ඇතුළේ එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යධූර 33ක් තිබුණා. දැන් අලුත් ආණ්ඩුව යටතේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු 33 දෙනාගෙන් තුන් දෙනෙකුට නැතිව යනවා. තව මෛත්‍රීගාව හිටපු 21 දෙනාම කථා කරනවා. මේ පැත්තෙන් කියනවා 21 දෙනාම එපා කියනවා. ඊට පස්සේ කියලා තියෙනවා 15ක් එන්නම් කියලා.
දැන් මේ පැත්තෙන් කියලා තියෙනවා 15ත් වැඩියි කියලා. මේ පැත්තෙන් කියනවා 10ක් විතර හිටියොත් ඇති. 103ක් ඉන්නවා 113ක් හැදෙනවා. එන හැම කෙනාටම ඇමතිකම් දෙන්න වෙනවා.
113 හදාගන්න ප්‍රමාණයට ඇමතිකම් දෙන්න ඕන. අපේ රටේ 19 හිල් මෛත්‍රීපාල සිරිසේනත් හෙව්වා. 19 හිල් මහින්ද රාජපක්ෂත් හෙව්වා. 19 හිල් කියන්න කනගාටුයි නීතිපතිතුමත් හෙව්වා.
අද ඉදන් 19 හිල් හොයන්නේ රනිල් වික්‍රමසිංහ. 19 හිලක් තියෙනවා. ජාතික ආණ්ඩුවක් කියන්නේ මොකක්ද කියන එක ගැන 19 හිලක් තියෙනවා.
එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මැතිවරණයේ වැඩිම ආසන ගත් පක්ෂය. තව එකක් තියෙනවා. මුස්ලිම් කොංග්‍රසය වෙනම ඉල්ලා එකක් තියෙනවා. එහෙනම් යූ.ඇන්.පී. එකයි මුස්ලිම් කොංග්රසයයි එකතු වුණාම ජාතික ආණ්ඩුවක්.
ජාතික ආණ්ඩුව අනුව ඇමතිධූර 30 වැඩි කරන්න පාර්ලිමේන්තුවට එන්න ඕන. අපි රනිල් වික්‍රමසිංහට කියනවා ඇමතිධූර වැඩි කරගන්න පුළුවන් නම් පාර්ලිමේන්තුවට එන්න ඇමතිධූර වැඩි කරන එක පරාජය කරන්න අපි සූදානම්.”

popular news
-
Champa Sunday, 16 December 2018 05:00 PM
මේ ආණ්ඩුවේ ආයු කාලය මාස 15යි වැඩිම වුනොත්. ජනමත විචාරණයක් ගැන කතාවක් තිබ්බට, දැන් ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි කරලා තියෙනවා පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන් අවස්ථා දෙකයි කියලා. ඒ හින්ද ජනමත විචාරනය දිනුවට පාර්ලිමේන්තුව විසිරෙන්නේ නැහැ. මීට කලිනුත් කිව්වා වගේ බිලියන් 6,7ක් නාස්ති වෙන එක විතරයි වෙන්නේ. මම කියන්න ගියේ මාස 15ක් තියෙන ආණ්ඩුවකට ඇමතිවරු 30ක් වැඩියි. රනිල්ට උදව් කරපු මිනිස්සුන්ට සලකන්න රනිල් බැඳිලා හිටියට රටේ ජනතාව බැඳිලා නැහැ. මම දැක්ක කියල තියෙනව පත්තරේක ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිගේ තටු කැපුව කියල. ඒ කතාව වැරදියි. ශ්‍රේෂ්ඨාධිකරණයට බැහැ ජනාධිපතිගේ තටු කපන්න. ඒකට ජනමත විචාරණයක් ඕනේ. ශ්‍රේෂ්ඨාධිකරණය කලේ ව්‍යවස්ථාව නිවැරදිව නිර්වචනය කිරීම. ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවීම බල රහිත වුනේ බලතල නැති නිසා නෙමෙයි, 19යෙන් පාර්ලිමේන්තු බලය වට කරලා කොටු කරලා තිබ්බ හින්ද. ජනාධිපතිවරයාට එකෙන් පනින්න නම් පාර්ලිමේන්තුව ඉනිමඟක් දාන්න ඕනේ එලියට. ඒකයි තිබ්බ ප්‍රශ්නේ.මම කියන්න ගියේ රනිල් අගමති වුනා කියලා බය වෙන්න දෙයක් නැහැ. රනිල් සහ කැබිනෙට්ටුව රටට හිතකර විදිහට පාලනය කරන්න ජනාධිපතිට බලතල තියෙනවා.
Reply : 0 1
Deepal Nirosh Monday, 17 December 2018 08:28 AM
19ට තවත් හිල් මොකට ද මහත්තයො? 19 සම්ම්ත කර ගත්තෙ ඔය පාර්ලිමේන්තුවෙ 225න් 223 දෙනෙක්ම හිල් කරගෙන නොව.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

