ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි " සී - ශල්‍යාගාරයෙහි " ශල්‍යකර්ම සිදු කිරීම මාසයක පමණ කාලයක සිට නැවති තිබීම සම්බන්ධයෙන් සොයා බැලීම පිණිස ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සහන් ප්‍රදීප් විතාන මහතා රෝහලෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
රෝහලෙහි මධ්‍යම වායු සමීකරණය පද්ධතියෙහි පවතින දෝෂයක් හේතුවෙන් " සී - ශල්‍යාගාරයේ " ශල්‍යකර්ම සිදු කෙරෙන ඇද මතට ජලය පතිතවීම හේතුවෙන් අක්ෂි සහ අස්ථි සම්බන්ධයෙන් වන ශල්‍යකර්මය මසකට ආසන්න කාලයක සිට නැවතී තිබීමෙන් රෝගීන් පත්ව සිටින අපහසුතාවය මාධ්‍ය මගින් පෙන්වාදීම කෙරෙහි අවධානය යොමු කළ සභාපතිවරයා හදිසියේම පවතින තත්ත්වය සොයා බැලීම පිණිස පැමිණ තිබිණි.
ශල්‍යාගාරයට ගොස් පවතින තත්ත්වය දැක බලාගත් සභාපති සහන් ප්‍රදීප් මහතා , රෝහල් අධ්යක්ෂ වෛද්‍ය සමන් පතිරණ මහතාගෙන් කරුණු විමසීමෙන් අනතුරුව රෝහල් වාට්ටු සහ මුලුතැන්ගෙය වෙතද ගොස් පවතින තත්ත්වය සොයා බැලූ අතර රෝගීන්ට සකසා තිබූ දිවා ආහාරයෙහි රස බැලීමද කළේය.
සභාපතිවරයා රෝහලෙහි පවතින අඩුපාඩු පිළිබඳව විමසා බැලීමෙන් අනතුරුව සදහන් කර සිටියේ අඩුපාඩු සපුරාලීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව මගින් ගතහැකි ක්‍රියාමාර්ග ගැනීම පිණිස අවශ්‍ය පියවර ගන්නා බවය.