ග්‍රාමීය මට්ටමින් බතික් නිෂ්පාදනයත්,දේශීය ඇඟලුම් නිෂ්පාදනයත්,දේශීය අත් යන්ත්‍ර රෙදි නිෂ්පාදනයත් යන අංශ තුනම ඉදිරි වසර 05 තුළ දි වර්ධනය කිරිම සදහාත් දේශීය වශයෙන් ඉල්ලුමට අනුව සැපයුම වැඩි කිරීම සම්බන්ධයෙන් රෙදි ආනයනකරුවන්,නුල් ආනයනයකරුවන් හා ලංකාව තුළ දේශීය සන්නායමය යටතේ නිෂ්පාදනයන් සිදු කරන ව්‍යාවසායකයින් සමඟ සාකච්ඡාවක් පේෂ කර්මාන්ත රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකරගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදි,අදහස් දැක් වු ඇමතිවරයා,ග්‍රාමීය වශයෙන් තමන්ගේම රෙදි පිළි නිර්මාණය කරගැනීම කටයුතු කිරිමටත්,අත්‍යන්ත රෙදි පිළි නිපදවීම සඳහා අලුතින් සේවකයින් 10,000 බඳවා ගැනීමටත්,මේ සදහා ගම්මාන 200ක් ස්ථාපිත කිරිමටත්,මේ සදහා අවශ්‍ය උපකරණ ලබා දීමේ වැඩපිළිවෙළක් ද ආරම්භ කිරිමට නියමිත බව කීය.