ඉහළ ප්‍රමිතියෙන් යුතු දේශීය කුළුබඩු වර්ග අඩංගු රු.1350 ක වෙළෙඳපොල වටිනාකමක් සහිත කුළුබඩු ඇසුරුමක් රු. 800 ක සහන මිලට අලෙවි කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සදහන් කරනවා.
කහ කුඩු ,මිරිස් කුඩු,ගම්මිරිස්,තුනපහ ,අබ ,උළුහාල් යනාදි අත්‍යාවශ්‍ය කුළුබඩු ඇතුළත් මෙම පිරිමැසුම්දායි කුළුබඩු ඇසුරුම ඉදිරි සතිවල සතොස අලෙවි ජාලයෙන් ජනතාවට මිලදි ගැනිමට හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.