මහින්ද රාජපක්ෂ රජය සමයේදී දේශපාලන පළිගැනීම්වලට ලක්වූ රාජ්‍ය සේවකයින් සියලු දෙනාට පසුගිය වසර හතරේදී සාධාරණයක් ඉටු කිරීමට නොහැකිවූ බව පාර්ලිමෙන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා අද(19දා) පැවසීය.
ඒ මහතා මෙසේ සඳහන් කළේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ කමිටුවට අයදුම්පත්‍ර 32,000ක් ලැබී තිබුණු බවද සඳහන් කළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සහන සැලසීම සඳහා කැබිනට් පත්‍රිකාවක් මගින් මුදල් අනුමත කර ගැනීමට ගත් උත්සහයන් වැළැක්වීමට යහපාලන රජයේ සිටි ශ්‍රීලනිප ඇමතිවරුන් කටයුතු කළ බවයි.