දේශපාලන පළිගැනීම් සඳහා සම්බන්ධ පාර්ශ්ව පිළිබඳ විමර්ෂණ කටයුතු කිරීම සඳහා ජනාධිපති විමර්ෂණ කොමිෂන් සභාවක් පත් කරන ලෙස මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ, අද (07දා) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
මෙම දේශපාලන පළිගැනීම් සඳහා සම්බන්ධ සියලු දේශපාලනඥයන්, පොලිස් නිලධාරීන් ඇතුළු සියලු පාර්ශ්ව සඳහා කඩිනම් නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
"දුමින්ද සිල්වා මන්ත්‍රීවරයව සිරගත කරන්න කටයුතු කරන්නේ වෛරයේ පළිගැනීම් එක්ක. මේ නඩුවේ සියලු චූදිතයන් නිදොස් කොට නිදහස් කරන ලෙස විනිසුරු මණ්ඩලයේ සභාපති විනිසුරුතුමා තීන්දු දෙනකොට පද්මිණී රණවක විනිසුරුතුමිය රන්ජන් රාමනායක මහතා සමග යෙදෙන සංවාදයත් එක්ක අපට සම්පූර්ණ සැකයක් එනවා.
මේ තීන්දුව පක්ෂග්රාහී ලෙස තමන්ගේ තනතුරු වෙනුවෙන් දුන් තීන්දුවක් කියලා. ඒ නිසා අපි දුමින්ද සිල්වා මැතිතුමාගේ පවුලේ උදවියගෙන් ඉල්ලනවා මේ නඩුව නැවත කැඳවලා විභාග කරන්න කියලා අධිකරණයේ සාධාරණය සම්බන්ධයෙන් ඉල්ලීමක් කරන්න කියලා. නීතියේ ආධිපත්‍ය රකින සෑම ආයතනයක්ම පහුගිය කාලයේ දේශපාලනය නිසා දූෂිත වුණා.
තව හඬ පටයක සඳහන් වෙනවා නාමල් රාජපක්ෂ මහතාවයි, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමාවයි කොහොම හරි සිරගත කරන්න කටයුතු කරන්න කියලා. මේ අය කතා කරනවා වැඩි කියලා" යනුවෙන් පවසා සිටියේය.
ෂවින්ද්‍යා එරන්දතී