බප/ජය ශ්‍රී විජයාරාම විද්‍යාලය දේවි බාලිකා විද්‍යාලයේ උසස් පෙළ පන්ති පිහිටුවීමට සඳහා පවරාදීම අත්හිටවූ බවත්, ඒ වෙනුවට ශ්‍රී විජයාරාම විද්‍යාලය ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදෙන පාසලක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට කමිටුවක් පත් කළ බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.
මාධ්‍ය වෙත මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, දේවි බාලිකා විද්‍යාලයේ උසස් පෙළ ගණිතය සහා ජීව විද්‍යා අංශ පුලුල් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට යොමු කර ඇති යෝජනාව ඉවත් කර, විජයාරාම විද්‍යාලය සංවර්ධනය කිරීම සඳහා නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා බලාපොරොත්තු වන බවයි. ඒ අනුව පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපන කටයුතු සිදු කිරීමට හැකි පරිදි එම පාසල සංවර්ධනය කිරීමට යෝජනාවක් සකස් කරන බවයි.
රජයේ ප්‍රධාන පෙළේ පාසල් සඳහා ඇතුළත් වීමට නොහැකි වූ විට ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදෙන පුද්ගලික පාසල්වලට දරුවන් ඇතුළත් කර, දැරිය නොහැකි වියදම හේතුවෙන් දෙමව්පියන් අසරණ බවත්, රජයේ පාසල් තුළ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය පුලුල් කිරීමට අදහස් කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.