දරුවන්ගේ අන්තර්ජාල ආරක්ෂාව තහවුරු කිරීමට ජාතික මුලපිරීමක්
දරුවන්ගේ අන්තර්ජාල ආරක්ෂාව සහ ඩිජිටල් සුබසාධනය තහවුරු කිරීම වෙනුවෙන් වන "ජාතික මුලපිරීම" පිළිබඳ මූළික සාකච්ඡාව නොවැම්බර් 02 වන දින පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
මෙම විෂය පථයට අදාළව ඒකාබද්ධ හා විධිමත් ජාතික රාමුවක් සකස් කිරීමේ අරමුණින්, හඳුනාගත් ප්‍රධාන අමාත්‍යාංශවල වගකීම් සහ ඉදිරි කාර්යභාරයන් පිළිබඳව සමාලෝචනය කිරීම සඳහා මෙම මූලික හමුව කැඳවා තිබුණි.
අන්තර්ජාලය ඔස්සේ දරුවන්ට සිදුවන අපයෝජන, සයිබර් හිංසන සහ විවිධ ඩිජිටල් තර්ජනවලින් ආරක්ෂා කරමින් සුරක්ෂිත ඩිජිටල් පරිසරයක් නිර්මාණය කිරීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණයි.
ඩිජිටල් ආර්ථික පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේ හඳුන්වාදීමේ දේශනය අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා විසින් පවත්වන ලදී.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා මෙසේ පැවසීය.
ඩිජිටල් තාක්ෂණයේ වේගවත් වර්ධනයත් සමඟ දරුවන් නොයෙකුත් අභියෝගවලට මුහුණ දෙනවා. ඒ නිසා තනි තනිව සිදුකරන මැදිහත්වීම්වලින් ඔබ්බට ගොස් රාජ්‍ය ආයතන, විද්වතුන් සහ ජාත්‍යන්තර සංවිධාන එක්කරගත් සක්‍රීය ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි. අපගේ ඉදිරි ක්‍රියාමාර්ග ප්‍රධාන තේමා 3 ක් ඔස්සේ සකස් කිරීමට සැලසුම් කර තිබෙනවා. එනම්, බලගැන්වීම, සුරක්ෂිතතාව සහ වගවීම මත පදනම් වූ නිර්මාණය, මෙන්ම ආරක්ෂාව, ප්‍රතිචාර දැක්වීම සහ පාලනයයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

