වෙන්නප්පුව කම්මලවැල්ල මුහුදු තීරයේ දිය නාමින් සිටි පිරිසක් අතර කාන්තාවක හා පිරිමි පුද්ගලයන් තිදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.
මෙම තිදෙනා අතරින් කාන්තාවගේ හා එක් පිරිමි පුද්ගලයෙකුගේ සිරුරු පසුව වෙරළට ගසාගෙන විත් තිබේ.
අතුරුදන්වූ අනෙක් පුද්ගලයා සෙවීමේ කටයුතු සිදුකරන අතර මියගොස් ඇත්තේ මාකඳුර හා සඳලංකාව පදිංචිකරුවන් වෙයි.