දඹුල්ල මූලික රෝහලේ පැතිරී ඇති මකුණු ගහනය පිළිබඳව ජනමාධ්‍ය මඟින් හෙළිදරව් කිරීමෙන් අනතුරුව රෝහල් කාර්ය මණ්ඩලය දඹුල්ල මහනගර සභාව එක්ව රෝහලේ මකුණු මර්දනය කිරීම සඳහා කෘමිනාශක ඉසීමේ වැඩපිළිවෙලක් අද දින ක්‍රියාත්මක වූහ.
දඹුල්ල මූලික රෝහලේ වාට්ටු වල දැඩි ලෙස මකුණන් බෝවීම නිසා රෝගීන් හා රෝහල් කාර්ය මණ්ඩලය දැඩි අසීරුතාවයකට කලක සිට පත්ව ඇති බව අප ප්රවෘත්ති මගින් අනාවරණය කරන්නට උනෙමු.
මධ්‍යම පළාතේ සෞඛ්‍ය අංශ සහ මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ මෙන්ම දඹුල්ල මහ නගර සභාව ද දැනුවත් කිරීමේ කටයුත්ත මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් සිදු කරනු ලැබීය.
ඒ අනුව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා සහ මන්ත්‍රීවරුන් කණ්ඩායමක්ද දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය නිලධාරී කණ්ඩායමක් ද දඹුල්ල රෝහලේ සහ ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය කණ්ඩායමක් පැමිණ දඹුල්ල රෝහලේ රෝගීන් ඉවත්කොට මකුනන් මර්දනය කිරීම සඳහා කෘමිනාශක ඉසින කටයුතු සිදු කරනු ලැබූහ.
දඹුල්ල මූලික රෝහලට අනියුක්තව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියා සිටියේ මෙම කෘමි නාශකය කිසිදු ආකාරයකින් මිනිස් සිරුරු වලට හානියක් නොවී මකුනන් පමණක් මර්දනය වන බවය.
ඉදිරි දින කිහිපය ද තවදුරටත් මකුනන් මර්දනය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවද හෙතෙම වැඩිදුරටත් කියාසිටියේය .
මෙහිදී නගරාධිපති ජාලිය ඕපාත මහතා රෝහල් බලධාරීන්ට උපදෙස් ලබාදී සිටියේ කඩිනමින් මෙම මකුනු මර්දනය සිදු කළ යුතු බවය.
මෙම අවස්ථාවේදී දඹුල්ල මූලික රෝහලේ අංක එක වාට්ටුවේ වැසිකිලි පද්ධතිය පරික්ෂා කිරීම සඳහා නගරාධිපතිවරයා ඇතුළු මන්ත්‍රී කණ්ඩායම ගිය අවස්ථාවේදී රෝහලේ වැසිකිලි පද්ධතිය සම්පූර්ණයෙන්ම උතුරා ගොස් රෝගීන්ට පාවිච්චි කිරීමට නොහැකි තත්ත්වයේ පසුවන අයුරු ද අනාවරණය කර ගැනීම විශේෂත්වයකි.