දුම්රිය දෙපාර්තමේන්තුව තුළ සේවය කරන ආදේශක, තාවකාලික, අනියම් සේවකයන් ස්ථිර සේවයට ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලා අද (13දා) දුම්රිය මූලස්ථානය ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විණි.
වසර පහකට අධික කාලයක සිට මෙම පිරිස දෙපාර්තමේන්තු ස්ථිර සේවකයන් සිදුකරන රාජකාරි සිදුකරන නමුත් අනියම්, ආදේශක, තාවකාලික පදනමින් බඳවා ගත් කිසිදු සේවකයෙකුට වැටුප හැර වෙනත් කිසිදු වරප්‍රසාදයක් ලබා නොදෙන බවද ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු ආදේශක, තාවකාලික, අනියම් සේවකයන් ස්ථිර කර ගැනීමේ වෘත්තීය සමිති කමිටුව සඳහන් කරයි.
එසේම වසරක සේවාකාලයකින් පසු රජයේ ආයතනවල සේවය කරන පිරිස් ස්ථිර කළ යුතු බවත්, එහෙත් දුම්රිය සේවකයන්ට එම වරප්‍රසාදය ක්‍රියාත්මක නොවන බවත් එම සංගමයේ කැඳවුම්කරු සුමිත්නන්ද කුමාර මහතා පැවසීය.
ඉදිරි දින 14 තුළ මෙම ගැටලුවට විසඳම් නොලැබුණහොත් අනෙකුත් වෘත්තීය සමිති සමග ඒකාබද්ධ වී වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවත්, අනෙකුත් වෘත්තීය සමිතිවලින් කිහිපයක් මේ වනවිටත් ඒ සඳහා කැමැත්ත පළ කර තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු