රජය විසින් ජනවාරි 01 වන දින සිට ලබාදී තිබෙන බදු සහනය ජනතාවට ලබාදීමට සියලුම ව්‍යාපාරිකයින් කටයුතු කළයුතු බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතා සඳහන් කළේය.
දුම්රිය ස්ථානවල සහන මිල එළවළු ඇතුළුව අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීම සඳහා සහන වෙළඳසැල් ස්ථාපිත කරන බවත් ඉදිරියේදී කොටුව දුම්රිය ස්ථානයෙන් සහන වෙළඳසැලක් ස්ථාපිත කරන බවද පවසා සිටියේය.
සහන වෙළඳ සැල් ව්‍යාපෘතිය යටතේ පළමු වෙළඳසැල අද (01 දා) මරදාන දුම්රිය ස්ථානයේ ස්ථාපිත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
සහන වෙළඳසැල හරහා එළවළු වර්ග අටක් හා රම්පේ, කරපිංචා ඇතුලත් මල්ලක් රුපියල් පන්සීයක මුදලකතටත් හාල්, පරිප්පු, සීනි, සැමන් ටින් අඩංගු පාර්සලයක් රුපියල් 800කට අලෙවි කිරීම මෙහිදී සිදුකෙරේ.
භාණ්ඩ සියල්ලගේම වටිනාකම රුපියල් 1600ක් වන අතර මේ අනුව සහන මලු දෙකම ලබාගන්නා පිරිසට රුපියල් හයසියයක වාසියක් අත්වේ.