දෛනික රිය අනතුරුවල ඉහළ යාමක් පෙන්නුම් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියේය.
ගතවූ පැය 24 තුළ සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් ඇති බවත් ඉන් තිදෙනෙකු පදිකයින් වන අතර ඉතිරි පිරිස ත්‍රීරෝද රථවල හා යතුරුපැදිවල ගමන්ගත් පිරිස් වෙයි.
සිදුවන රිය අනතුරුවලට හේතුව අපරික්ෂාකාරී හා නොසැලකිලිමත් රිය ධාවනය බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.