දින තුනක් තුළ විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් 89කට කොවිඩ් ආසාදනය වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව විදේශයන්හි සිට පැමිණ ශ්‍රී ලංකාවේදී කොවිඩ් ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 1197ක් දක්වා වර්ධනය වී තිබේ.
විදේශිකයන් 42ක් හා ලාංකිකයන් 1155ක් ලෙස මෙම රෝගීන් වාර්තා වී තිබේ. කොවිඩ් ආසාදනය වූ විදේශයන්හි සිට පැමිණි 189ක් තවමත් රෝහල්ගත ප්‍රතිකාර ලබන බවත් යුද හමුදාපතිවරයා පවසයි.
සමාජය තුළ අප්‍රේල් 30 දා සිට කොවිඩ් ආසාදිතයන් වාර්තා නොවන තත්ත්වයක් තුළ එය ඉදිරියටත් පවත්වාගෙන යෑම මුව ආවරණ පැළදීම, පුද්ගල දුරස්ථභාවය, නිතර නිතර අත් සේදීම, කිවිසුම් යන විට නාසය හා මුඛය ආවරනය කර ගැනීම වැනි කරුණු වලට තවදුරටත් අනුගත විය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.