මාතලේ - ඉළුක්කුඹුර - ලග්ගල මාර්ගයේ රිවස්ටන් කදු මුදුනේ සිට පිටවල පතන දක්වා කොටස මේ මස 25 දා (හෙට) සිට ලබන මස 05 වනදා දක්වා වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කරයි.
කාපට් අතුරා මාර්ගය සංවර්ධනය කිරිම එයට හේතුව වී තිබේ.
අදාල දිනයන් හිදී රිවස්ටන් හා පිටවල පතන නැරඹිම සඳහා පැමිණෙන යතුරු පැදි ඇතුළු සියළුම රථ වාහන වලට ඇතුළුවිය නොහැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කරයි.
මාර්ග සංවර්ධන අධිකාරියේ මාතලේ විධායක ඉංජිනේරුවරයා විසින් නිකුත් කර ඇති නිවේදනයකට අනුව අදාල දිනයන් හිදී රිවස්ටන් මාර්ගය භාවිතා නොකර විකල්ප මාර්ග ලෙස ලග්ගල- නාඋල - මාතලේ මාර්ගය භාවිතා කරන ලෙස රිවස්ටන් නැරඹිම සඳහා පැමිණෙන සංචාරකයින්ට දන්වා තිබේ.
නාඋල - ඉන්දික අරුණ කුමාර