කොබෙයිගනේ ,ඇඹලයාගම ප්‍රදේශයේ දී දැදුරුඔයේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු 25 දා සවස දියේ ගිලීමෙන් මරණයට පත්ව ඇති බව කොබෙයිගනේ පොලීසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ කුලියාපිටිය ගලහිටියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18 සහ 24 වයස් වල ඥාාති සොයුරන් දෙදෙනෙකි.
ඥාති සොයුරන් සිවු දෙනෙකු සති අන්තයේ විනෝද වීම සඳහා කුලියාපිටිය ප්‍රදේශයේ සිට පැමිණ ඇති අතර ,දැදුරුඔයේ ඇඹලයාගම ප්‍රදේශයේදී දිය නෑමට යාමේදී ඔය තුල තිබූ ගැඹුරු වලක ගිලීමෙන් තරුණයන් දෙදෙනා මරණයට පත්ව ඇති බව මූලික පරීක්ෂණ වලදී අනාවරණය වූ බවද පොලීසිය කියයි.
මියගිය තරුණයින් දෙදෙනාගේ සිරුරු මේ වන විට නිකවැරටිය මූලික රෝහලට ඇතුලත් කර ඇති බවද , සිරුරු දෙක පිළිබඳව වූ හදිසි මරණ පරීක්ෂණ සිදු කිරීමට නියමිතව ඇති බවද පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් කොබෙයිගනේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
නිකවැරටිය ප්‍රියාණි මංගලිකා