කොවිඩ් 19 උවදුර තවම පහව ගොස් නොමැති බවත් රට වෙනුවෙන්, තමන්ගේ දරුවන් වෙනුවෙන් සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් පිළිපදිමින් ඇඳිරි නීතිය ලිහිල් කළ දිස්ත්‍රික්කවල කටයුතු කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.
අද කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඇය මේ බව පැවැසීය.
"ඇඳිරි නීතිය දිස්ත්‍රික්ක ගණනාවකම ළිහිල් කරනු ලැබුවා, අපිට දකින්නට ලැබෙනවා මේ කොරෝනා උවදුර එසේත් නැත්නම් කොවිඩ් 19 රෝගය ලංකාවේ පහව ගියාවගේ තමයි සමහර තැන්වල ඇඳිරි නීතිය ළිහිල් කළ තැන්වල ආදරණීය ජනතාව හැසිරෙන්නේ.
සමහර අවස්ථාවල අපි දකිනවා ත්‍රීවිල්වල තුන් හතරදෙනා යනවා. සමහර අවස්ථාවල දකිනවා සමාජ දුරස්ථභාවය පවත්වාගන්නේ නැතිව පොරකනවා. අපි ඔබෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මේ ඇඳිරි නීතිය ලිහිල්කළේ රටේ ජනතාව වෙනුවෙන් රට වෙනුවේ ගන්නට තිබෙන ක්‍රියාමාර්ග නිසයි.
නමුත් මේ උවදුර පහව ගිහින් නැහැ. ඒ නිසා ඔබ වෙනුවෙන් ඔබේ දරුවන් වෙනුවෙන් මේ රට වෙනුවවෙන් සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් පිළිපදිමින් මේ රෝගය ලංකාවෙන් පහව යන තෙක් ඇඳිරි නීතිය ලිහිල් කරපු ප්‍රදේශවල කටයුතු කරන්න කියලා ඒ ආදරණීය ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා."