තවත් කොවිඩ් මරණ 48ක් මෙරටින් වාර්තා වී තිබේ. ඊයේ (18) දිනයේ දී එම මරණ සිදුවු බවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.
වයස අවුරුදු 30ට එක් මරණයක්, අවුරුදු 30 -59ත් අතර මරණ 10ක් හා අවුරුදු 60 හෝ ඊට වැඩි මරණ 37ක් එම මරණ අතර වෙයි. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ ගණන 3,827ක් දක්වා ඉහළ ගොස් ඇත.