දිවුලපිටිය හා පෑළියගොඩ කොවිඩ් පොකුරුවලින් තවත් ආසාදිතයන් 85ක් වාර්තා වන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම ආසාදිතයන් 85ම එම පොකුරු දෙකට සම්බන්ධ ආශ්‍රිතයන් වෙයි.
ඒ අනුව එම පොකුරුවලින් අද දිනයේදී වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 348කි.
එම පොකුරු දෙකෙන් මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 4398කි.