නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 609ක් වාර්තා වී තිබේ.
මෙලෙස වාර්තා වූ ආසාදිතයින් අතර පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණයට සම්බන්ධ ආසාදිතයින් 496ක් සිටියි.
ඊට අමතරව ගාල්ල ධීවර වරායෙන් ආසාදිතයින් 5 ක්, බේරුවල ධීවර වරායෙන් ආසාදිතයන් 20ක් වාර්තා වී තිබේ.
නිරෝධායන මධ්‍යස්ථාන වලින් ආසාදිතයින් 48ක් සහ ආශ්‍රිතයින් 40ක් ද ආසාදිතයින් ලෙස වාර්තා වී ඇත.