‘අලුත් රටට අලුත් බෙහෙත්’ වැඩසටහන යටතේ සති තුනකට වරක් අලුත් ඖෂධයක් ලංකාවේ නිපදවීමේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ නිපදවූ ඖෂධය රත්මලානේ පිහිටි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ දී අද (16) නිකුත් කෙරුණි.
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC)මගින් එලෙස නිපදවනු ලැබුවේ ස්නායු රෝග සඳහා භාවිත කෙරෙන ‘ගැබාපෙන්ටින්’ නමැති ඖෂධයයි.
මෙම වැඩසටහන ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙයි. මෙම ඖෂධය මෙතෙක් ශ්‍රී ලංකාවට විදෙස් රටවලින් ආනයනය කෙරිණි.
පුද්ගලික අංශය මඟින් රුපියල් මිලියන 50ක් සහ රාජ්‍ය අංශය මඟින් රුපියල් මිලියන 15ක් ලෙස වාර්ෂිකව රැපියල් මිලියන 65ක් මෙම ඖෂධය ආනයනය සඳහා කරයි.