මැදපෙරදිග උණුසුම් තත්ත්වයක් ඇතිවුවත් අවශ්‍යතරම් ඉන්ධන ශ්‍රී ලංකාවේ පවතින බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
එසේම ඉන්ධන මිල වැඩිකිරීමක් සිදුනොවන බවත් ඔහු පැවැසීය.
අද (11දා) පෙරවරුවේ අම්බලන්තොට ලංගම ඩිපෝවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“මැද පෙරදිග ඇතිවී ඇති උණුසුම්කාරී තත්වය හේතුවෙන් ඉන්ධන හිගයක් අතිවේය යන්න පිළිබදව ප්‍රචාරයක් යාම නිසා ජනතාව කලබලයට පත්වී සිටිනවා නමුත් ඇතිවෙන්න ඉන්ධන තොග අපසතුව තිබෙන නිසා එසේ කලබල කාරී ත්තවයක් ඇතිකර ගතයුතු නෑ. කිසිඳු මිල වැඩි කිරීමක් ද සිදු වෙන්නේ නෑ”