හම්බන්තොට තෙල් පිරිපහදුව ඇතුළු ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කළ අසත්‍ය ප්‍රකාශ ගැන කනගාටුවෙන බව අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාධයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ පාලනය වසර 9ක් රට පාලනය කළ බවත් තම රජයට වසර පහක් රට පාලනය කිරීමට අවස්ථාව දෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
ඉන් අනතුරුව ජනතාව තීරණයක් ගනු ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
හම්බන්තොට තෙල් පිරිපහදුවට ආයෝජනය කරන ඉන්දීය සමාගමේ සමස්ත වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 7ක් බවත් ඔහු ප්‍රකාශ කළේය.
තෙල් පිරිපහදුව සම්බන්ධයෙන් ඕමානයද මේ වන විට ස්ථාවරය ප්‍රකාශ කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.