ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ගිනි ගැනීමට ලක්වුවද මේ වන විට ගින්න පාලනය කර ඇති තෙල් ප්‍රවාහන නෞකාව තවදුරටත් ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඔබ්බට ගෙන යන ලෙස එම නෞකාව හිමි සමාගමටත් ගලවා ගැනිමේ මෙහෙයුමට එක්ව සිටින සමාගම වෙතටත් සමුද්‍රීය පරිසර අධිකාරිය විසින් දැනුම් දීමට නියමිතය.
එසේම නෞකාව ආශ්රිත මුහුදේ පවතින තෙල් පැල්ලම පිළිබඳව මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් එවා ඩීසල්ද, ලිහිසි තෙල්ද එසේත් නොමැතිනම් බොරතෙල්ද යන්න පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා එම සාම්පල රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යොමුකර තිබේ.