ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයෙකු වන නීතිඥ ලලිත් පියුම් පෙරේරා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (28) අත්අඩංගුවට ගෙන ඇත.
රජයේ ඉඩමක් නියමිත ක්රමවේදයකින් තොරව ලබාගෙන රජයට රුපියල් ලක්ෂ පනහකට අධික පාඩුවක් සිදු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. සැකකරු කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.