දේශපාලකයාද, රජයේ නිලධාරියා ද, පොලිස් නිලධාරියා ද යන්න නොබලා නීතිය සැමට සමව ක්‍රියාත්මක කළ යුතු බව වරාය සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසයි.
ගාල්ල වරායේ නිරික්ෂණ චාරිකාවක ඊයේ (11දා) යෙදීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මේ බව පැවසීය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු කනක හේරත් අමාත්‍යවරයා,
“පසුගිය කාලයේ හදපු එෆ් සී අයි ඩී එක පමණක් නෙවෙයි දේශපාලනඥයන්, ඒ වගේම පොලිස් නිලධාරීන්, නීති නිලධාරීන් සමහර රජයේ සේවකයන් මේ සෑම සියලු දෙනා කෙරෙහිම රටේ ජනතාව අවිශ්වාසයක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම පසුගිය දවස්වල කවුරුත් අපහාසයට ලක් කරපු රංජන්ගේ හඬපට සිද්ධිය දැන් කතා වෙනවා. ඒ වගේම මේ රටේ නීති පද්ධතිය ගැන කතා වෙනවා. අපි කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරනවා රටේ ජනතාවට විශ්වාසයක් ඇති කරන්න පුළුවන් ආකාරයේ නීති පද්ධතියක් ගොඩනැගීමට කටයුතු කරන්න කියලා. ඒ අයගේ තරාතිරමක් නොබලා කටයුතු කරන්න ඕනෑ.දේශපාලනඥයෝ වෙන්න පුළුවන්, එහෙමත් නැත්තම් ඒ සම්බන්ධ නිලධාරීන්, පොලිස් නිලධාරීන් කවුරු උනත් කමක් නෑ නීතියට අනුව කටයුතු කරන්න මේ නීති පද්ධතිය වෙනස් කළ යුතුයි කියා අපි හිතනවා” යැයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.