තාර අලෙවි කිරීමේදී සිදුවූ අක්රමිකතාවන් නිසා සංස්ථාවට රුපියල් ලක්ෂ තුන්දහස් එකසිය එකොළහකට අධික ප්‍රමාණයක් අහිමි වීම පිළිබඳ ඛනිජ තෙල් සංස්ථාව මේවනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
අදාළ මූල්‍ය වංචාව පිළිබඳ නිදහසට කරුණු දක්වන ලෙසට මේවනවිට නිලධාරීන් දෙදෙනෙකුටඛනිජ තෙල් සංස්ථාව විසින් ලිපි යොමු කර ඇත.
එසේම 2017 හා 2018 වසරේ මුල් කාලයේදී තාර අලෙවි කිරීමේදී විදේශ රටවලින් මිලදීගත් මිලටවඩා අඩුවෙන් තාර අලෙවි කිරීම නිසා මෙම පාඩුව සිදුව ඇති බවට සංස්ථාව තුළ සිදුකළ ගණනයකදී හෙළි වී තිබේ.
පසුගිය වසරේ මාර්තු 22 වැනිදා නිකුත් කළ අභ්‍යන්තර විගණන වාර්තාවකින් මේ පිළිබඳ හෙළි කර තිබුණත් අදාළ නිලධාරීන් විසින් දේශපාලනඥයන්ගේ සහායෙන් මෙම කටයුතු යටගසාගෙන සිටි බවද සංස්ථා සේවකයෝ සඳහන් කළහ.
මුතුරාජවෙල තාර අංගණයේදී මෙම වංචා ක්‍රියා සිදුව තිබෙන බවත්, රුපියල් පනස්හයක මුදලකට මිලදී ගත් තාර කිලෝවක් රුපියල් 56 සිට රුපියල් 52 ශත 65 දක්වා මිල ගණන්වලට හිතවත් ගැනුම්කරුවන්ට අලෙවි කිරීම නිසා මෙම පාඩුව සිදුව තිබෙන බවද එම පිරිස් පෙන්වා දෙති.
මෙම මිලට මිලදී ගත් තාර කිලෝවක් ගැනුම්කරුවන් විසින් රුපියල් 65ත් රුපියල් 67ත් අතර මුදලකට අලෙවි කර අතිවිශාල ලාභයක් උපයා තිබෙන බවටත් අභ්‍යන්තර විගණනයේදී හෙළි වී තිබෙන බවද සේවකයෝ සඳහන් කළහ.
මේ පිළිබඳ නව පාලන අධිකාරියට පෙන්වාදුන් බවත්, අදාළ ක්‍රියාවට ඍජුවම නිලධාරීන් දෙදෙනෙකු වගකිව යුතු බවද එම පිරිස් පෙන්වා දෙති.