තම දියණියට වස පොවා ඝාතනය කොට පියා සියදිවි නසා ගත් සංවේදී පුවතක් අද ජනවාරි (01) පොළොන්නරුව ජයන්තිපුර හෙන්කොලවැව ප්‍රදේශයෙන් වාර්තා විණි.
පවුල් ආරවුලක් මත මෙසේ ඝාතනය කර ඇත්තේ පොළොන්නරුව තම දෙවැනි දියණිය වන එච්.එම් විශ්මි දිලීෂා නමැති (13) හැවිරිදි පාසල් ශිෂ්‍යාවකි.
ඇය මෙවර අට ශ්‍රේණියට සමත්ව ඇති අතර හිඟුරග්ගොඩ ආනන්ද බාලිකා ජාතික පාසලේ අධ්‍යාපනය ලැබ ඇත.
අංක 79/01 යය 05 හෙන්කොලවැව ජයන්තිපුර ලිපිනයේ පදිංචි සිය දිවිනසා ගත් හේරත් මුදියන්සේලාගේ වසන්ත කුමාර 45 හැවිරිදි කුලී වැඩ කරන්නෙකි.
අද 01 දා උදෑසන 7.30 ට පමණ මෙය සිදුව ඇති අතර මෘත දේහයන් දෙක පිළිබඳව මහේස්ත්‍රාත් පරික්ෂණය අද සිදු කිරීමට නියමිතය.
මින්නේරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.