පළාත් සභා හා පළාත් පාලන ආයතනවල සේවය කරන රාජ්‍ය සේවකයන්ට මෙවර අලුත් අවුරුද්දට පෙර වැටුප් ගෙවීම ගැටලුවක් බවත් එයට වගකිව යුත්තේ පාර්ලිමේන්තුවේ දී අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පරාජයට පත්කළ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් බවත් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට අද (1) සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,
‘’අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පරාජයට පත්වූ නිසා ආණ්ඩුවට ප්‍රශ්නයක් තියෙනවා කියලා ඇතැම් අය හිතාගෙන ඉන්නවා. අපිට නම් කිසිම ප්‍රශ්නයක් නෑ. ප්රශ්නය තියෙන්නේ පොහොට්ටුව බලය අල්ලාගෙන ඉන්න පළාත් පාලන ආයතනවලට සහ පළාත් සභාවලට. මේවායේ සේවය කරන රජයේ සේවකයන්ට අවුරුදු කන්න පඩි ගෙවන්න අවශ්‍යයි කියලා හිතන්නෙත් නැතිව පළාත් සභා හා පළාත් පාලන වැය ශීර්ෂය පරාජයට පත්කළා. මේකට වගකියන්න ඕනෑ විපක්ෂයයි"
අයවැය කාරක සභා අවස්ථාවේදී අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශිර්ෂය සම්මත වු අතර ආගමන විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගණනාවකද වැය ශීර්ෂ සම්මත වෙමින් තිබුණ අවස්ථාවේදී හදිසියේ බෙදීමක් ඉල්ලා සිටියා. නමුත් කලින් පැවැති පක්ෂ නායක රැස්වීමේ දී එකඟතාවකට පැමිණියා ඡන්දයක් නොපවත්වන බවට. මේ හදිසි බෙදීම ඉල්ලා සිටීම නිසා පැවැත්වූ ඡන්ද විමසීමෙන් වැය ශීර්ෂ පරාජයට පත්වුණා. ඒ නිසා පළාත් 09 ක පළාත් පාලන ආයතන 341 ක අප්‍රේල් මස 05 වෙනිදායින් පසු වැඩ අවසන් කර ඇති වැඩකටයුතු සහ වැඩ කෙරෙමින් පවතින වැඩවල අත්තිකාරම් මුදල් සහ කිසිදු මුදලක් ගෙවිමට නොහැකි වෙනවා.
එපමණක් නොව සිංහල හින්දු අලුත් අවුරුද්ද පවතින මේ අවස්ථාවේදී රාජ්‍ය සේවයේ ලක්ෂ පහකට ආසන්න සේවකයින් පිරිසකට ඔවුන්ගේ වැටුප් හා දීමනා ගෙවීමද බරපතල ගැටලුවකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) මන්ත්‍රීවරුන් විසින් ඇද දමා තිබෙනවා” යැයි ඔහු වැඩිදුරටත් පැවසිය.