කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මෙතෙක් ක්‍රියාත්මක නොවූ තැපැල් සේවා කටයුතු ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල හෙට (21දා) සිට ආරම්භ කරන බවත් තැපැල් බෙදීමේ කටයුතු 22 දා සිට ආරම්භ කරන බවත් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.
රටේ සාමාන්‍ය පරිදි ප්‍රවාහන කටයුතු යථාවත් වන තුරු තැපැල් භාණ්ඩ සංසරණය වීමට ප්‍රමාදයට ලක්වන බවත් ගුවන් ගමන් හා නැව් ගමනා කටයුතු ක්‍රියාත්මක නොවන බැවින් නැවත දැනුම් දෙන තුරු විදේශ තැපැල් භාණ්ඩ තැපැල් කාර්යාල කවුලු මගින් භාර නොගන්නා බවත් ඔහු පවසයි.
මහජනතාව සේවා ලබා ගැනීම වෙනුවෙන් පැමිණීමේදී සෞඛ්‍ය අංශ උපදෙස් අනුව කටයුතු කළ යුතු බවත් තැපැල්පති නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.