දිවයිනට බටහිර දෙසින් වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්ර දේශ සඳහා කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
පුත්තලම සිට කොළඹ හරහා බේරුවල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්ර දේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 60 දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්ර දේශ විටින් විට රළු විය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මාතර සිටි හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්ර දේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 50 පමණ දක්වා වැඩිවිය හැකි බවත් එම මුහුදු ප්ර දේශ විටින් විට තරමක් රළු විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.